ජපානයේ ප්‍රාන්ත අනුව නීතිගත කර ඇති අවම වැටුප

ජපානයේ රැකියාවකට පැයකට ගෙවිය යුතු අවම වැටුපක් ජපන් රජය විසින් නියම කරලා තියනවා. මේ වැටුප ජපානයේ ප්‍රාන්ත අනුව වෙනස් වෙනවා. මේ වෙනස්කම් වලට ඒ ඒ ප්‍රාන්තයේ ජිවන වියදම් වගේ දේවල් සලකා බැලෙනවා.

හැබැයි රැකියාවකට පැයකට ලබාදෙන වැටුප මේ රජය විසින් නියම කරන ලද අවම අගයට වඩා අඩු වෙන්න බෑ. යම්කිසි ආයතනයක් එහෙම කරනවා නම් ඒක නීති විරෝධියි. හැබැයි ලංකාවේ ගොඩක් අය අතට සල්ලි දෙන රැකියා වල නිරත වෙනවනේ, අන්න ඒ වගේ අවස්ථා වල නම් මේ නියම කරලා තියන අවම අගයට වඩා අඩු වෙන්න පුළුවන් මොකද ඒ රැකියාවල නිරත වෙන අය ගැන විස්තර රජයට වාර්තා වෙන්නේ නැති නිසා.

ජපානේ ජිවන වියදම් ටික ටික වැඩි වේගෙන යන නිසා 2024 අවුරුද්දේ ඔක්තෝම්බර් 1 වෙනිදා ඉඳන් මේ අවම වැටුප කලින් තිබුණු අගයට වඩා යෙන් 50-80ත් අතර අගයකින් වැඩි උනා. ඉතින් මේ පහලින් තියෙන්නේ ඒ වෙනස්කම් එක්ක දැනට ප්‍රාන්ත වලට නියම කරලා තියන අවම වැටුප් අගයන්.

ඉතින් ඔයාලට පේනවා ඇති, පැයකට ගෙවන්න ඕන අවමය අතුරින් වැඩිම අගය තියෙන්නේ Tokyo වලට. ඒ වගේම තමයි අවම අගය තියෙන්නේ Akita වලට.

මේ පහලින් තියෙන්නේ 2024 අවුරුද්ද්දේ එක එක ප්‍රාන්ත වල කලින් තිබුන අගයට වඩා වැඩි කරපු ප්‍රමාණයන්. වැඩිම අගයක් වැඩි වෙලා තියෙන්නේ Tokushima කියන ප්‍රාන්තයට. අනිත් හැම ප්‍රන්තයකටම වගේ යෙන් 50කට අසන්න මුදලක් තමයි වැඩි වෙලා තියෙන්නේ.

Prefecture Minimum Wage Change
東京都 1,163円 50円
神奈川県 1,162円 50円
大阪府 1,114円 50円
埼玉県 1,078円 50円
愛知県 1,077円 50円
千葉県 1,076円 50円
京都府 1,058円 50円
兵庫県 1,052円 51円
静岡県 1,034円 50円
三重県 1,023円 50円
広島県 1,020円 50円
滋賀県 1,017円 50円
北海道 1,010円 50円
茨城県 1,005円 52円
栃木県 1,004円 50円
岐阜県 1,001円 51円
富山県 998円 50円
長野県 998円 50円
福岡県 992円 51円
山梨県 988円 50円
奈良県 986円 50円
新潟県 985円 54円
群馬県 985円 50円
福井県 984円 53円
石川県 984円 51円
岡山県 982円 50円
徳島県 980円 84円
和歌山県 980円 51円
山口県 979円 51円
宮城県 973円 50円
香川県 970円 52円
島根県 962円 58円
鳥取県 957円 57円
愛媛県 956円 59円
佐賀県 956円 56円
山形県 955円 55円
福島県 955円 55円
大分県 954円 55円
鹿児島県 953円 56円
青森県 953円 55円
長崎県 953円 55円
岩手県 952円 59円
沖縄県 952円 56円
高知県 952円 55円
宮崎県 952円 55円
熊本県 952円 54円
秋田県 951円 54円
1 Like