පහුගිය 27 වෙනි සඳුදා අපේ පුතා යන මොන්ටිසෝරියෙන් Notice එකක් ආවා සැකකටයුතු පුද්ගලයෙක් ජනවාරි 23 දින අපි ජීවත්වෙන ප්‍රදේශයේ පාසල් ළමයෙක්ට කතා කරලා phone එක use කරලා ඒ ළමයව record කරන්න උත්සහ කරලා තියනවා කියල. ඒක නිසා පෙර පාසලෙන් පිට අපේ දරුවන් ගැන ගැන සැලකිලිමත් වෙන්න කියල තමයි ඒකෙ කියල තිබුනේ.
ඒත් එක්කම යටින් ඒ හා අදාල පොලිස් නිවේදනයත් තිබුනා. එකේ කියල තිබුනේ ජනවාරි 23 හවස 2:45ට විතර අවුරුදු 23,25ක් පමණ වන උස සෙන්ටිමීටර් 170ක් පමණ වන කලු පාට Jacket එකක්, දුඹුරු පැහැති කලිසමක් සහ කැප් තොප්පියක් පැළඳ සිටි විදේශීය ජාතිකයෙකු අපි ජීවත්වෙන ප්‍රදේශයේ තම නිවස බලා යමින් සිටි ප්‍රාථමික පාසල් පළමු වසර සිසුවියක්ට කතා කොට තම ජංගම දුරකතනයේ selfie ගන්නා ආකාරයෙන් එම දැරියව record කිරීමට උත්සාහකොට ඇති බවයි. මේ ගැන පරීක්ෂණ කටයුතු කරන බවද, නිවසින් පිටතදී ළමයින් ගැන සැලකිලිමත් වෙන ලෙසද සැකකටයුතු යමක් දුටුවහොත් පොලිසිය දැනුවත් කරන ලෙසද එම නිවේදනයේ සඳහන් කරලා තිබුනා.
දැන් මේක වෙලා තියෙන්නේ 23 වෙනිදා නේ, හැබැයි ඊයේ, ඒ කියන්නේ ජනවාරි 30 උදේ පොලිසියේ දෙන්නෙක් ආවා අපේ ගෙදර. ඇවිත් මගෙන් ඇහුවා අපේ පාර පැත්තට තියන Security Camera එකේ recordings බලන්න පුළුවන් ද කියල. හේතුව විදියට කිව්වේ ළමයෙක් හා සම්බන්ධ සිද්දියකට අදාල පුද්ගලයෙක් අපේ ගේ ඉස්සරහ පාරෙන් ගිහින් තියනවා, ඉතින් අවට නිවෙස් වල තියන Camera වල ඒ පුද්ගලයා record වෙලා තියනවද බලන්න තමයි ඕන කියල.
හැබැයි අපේ ගෙදර camera එක 24h record වෙන එකක් නෙවෙයි. Motion එක අනුව record වෙන්න හදල තියෙන්නේ, අනික පාර පැත්ත record වෙන එක block කරලා තියෙන්නේ. ඉතින් මේ ටික පොලිසියේ අයට කිව්වම එයාල ගියා.
දැන් වැඩේ තියෙන්නේ, මේ වගේ දේවල් පොලිසිය ටිකක් තදට බලනවා. ජපානයේ Child Welfare Laws වගේම Anti-Stalking & Harassment Laws කියන ඒවා හරිම strict. දැන් දැන් ලංකාවෙන් එන නංගිලා මල්ලිලා එහෙම TikTok / Insta reels වලට මේ වගේ ඉස්කෝලේ යන ළමයි එහෙම record කරලා දාල තියනවා මම දැකල තියනවා. ලඟදි මම දැක්ක train එකේ නිදාගෙන ඉන්න පොඩි ගැහැණු ළමයෙක්ව record කරලා “ප්‍රශ්න නැති කාලේ තමයි ජිවිතේ වින්දේ” වගේ මොකද්ද caption එකක් දල TikTok දාල තිබුනා.
ඉතින් කියන්න තියෙන්නේ මෙච්චරයි. ජපානේ ළමයි හා සම්බන්ධ දේවල් වලදී නීති සැහෙන්න තදයි. ඒක නිසා content එකක් වෙනුවෙන් තමන්ගේ වීසා එකට හානියක් වෙන දේවල් කරන්න යන්න එපා. ලංකාවෙදි මේ වගේ දේවල් ලොකු දේවල් නොවුනට ජපානේදී එහෙම නෙවෙයි, විශේෂයෙන් විදේශිකයින්ට මේ නීති තද වැඩියි. ඒක නිසා ජපානේ ජිවත්වෙනකොට පුළුවන් තරම් නීතිගරුකව ඉන්න බලන්න. ළමයි දෙමව්පියන් එක්ක ඉන්නකොට එයාලගේ consent එක අරන් record කරාට කිසිම ප්‍රශ්නයක් නැහැ. ඒ වගේම තමයි public places වල ඔයා වෙන recording එකක් කරද්දී ඒ video එකට ළමයි record වෙලා තිබුනත් ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. හැබැයි ළමයින්ව approach කරලා මේ වගේ දේවල් කරද්දී පරිස්සමෙන්.