මේ තියෙන්නේ FB එකෙන් මම download කරගත්තු Salary Withholding Slip එකක්. මේක අතට සල්ලි දෙන part time job එකක් කරන ළමයෙක් දාපු එකක්. මෙයාගේ ප්‍රශ්නේ තමයි අතට සල්ලි දුන්නට මේ Salary Withholding Slip එක දුන්න නිසා මෙයාගේ tax ගිහිල්ලද කියන එක.
අපි අද ලිපියෙන් මේ tax කතාව පැහැදිලි කරගමු.
පලවෙනි දේ තමයි ජපානයේ රැකියාවක් කරලා අදායමක් උපයන ඕනෑම කෙනෙකුට අවුරුද්ද අවසානයේ 源泉徴収票 එහෙම නැත්නම් Salary Withholding Slip එක ලබාදෙන්න රැකියාව කරන ආයතනය නීතියෙන් බැඳිලා ඉන්නවා. මේක fulltime job එකක්ද part time එකක්ද කියල අදාළ නැහැ. යම් කෙනෙක් අවුරුද්ද මගදී ආයතනයෙන් ඉවත් වෙලා තියනවා නම්, රැකියාව කරපු කාලයට අදාළ විස්තර සහිතව 源泉徴収票 එක ලබාදෙන්න ඕන.
මේ Salary Withholding Slip එකේ තියෙන්නේ අපේ වාර්ෂික අදායම, රඳවා තබාගත් බදු සහ වසර අවසානයේ ගණනය කිරීම් වලට පස්සේ ගෙවිය යුතු බදු ප්‍රමාණය වගේ දේවල්. මේ ගැන විස්ස්තර සහිතව අවශ්‍ය නම් පහලින් කොමෙන්ට් එකක් දාල තියන්න.
එතකොට අතට සල්ලි දුන්නත් tax යවනවද?
මෙතන අපිට පැහැදිලි කරගන්න දෙයක් තියනවා. ජපානයේ income tax එක ගෙවන්න නීතියෙන් බැදෙන්නේ වාර්ෂික අදායම කොල 103ට වඩා වැඩියි නම් විතරයි. ඒ කියන්නේ මාසෙට කොල 9ට වඩා අඩුවෙන් උපයන කෙනෙක්ට income tax එකක් ගෙවන්න වෙන්නේ නැහැ. ඉතින් ඔයා අතට සල්ලි දෙන තැනකට ගිහින් සතියට පැය 5ක් 10ක් වැඩ කරන්න ඉල්ලුවොත්, එයාල පැය ගණන ගණන් හදල බලල කොල 9ට වඩා අඩුයි නම් tax යවන්නේ නෑ කියල තමයි කියන්නේ, මොකද ඔයා එතන මුළු අවුරුද්දම වැඩ කරත් ආදායම කොල 103ට වැඩි වෙන්නේ නැති නිසා. එහෙම කරා කියල එයාල කියන්නේ නැහැ ඔයාගේ අදායම රජයට report කරන්නේ නෑ කියල, මොකද නීතියට අනුව ආයතනයක වැඩ කරන හැමෝගෙම අදායම රජයට වාර්තා කරන්න ඒගොල්ලෝ බැඳිලා ඉන්නවා.
එහෙනම් අතට සල්ලි ගත්තම අවුලක් නෑ කියන්නේ?
ඒක වෙන්නේ මෙහෙමයි, හිතන්න ඔයා අතට සල්ලි ගන්න තැනක වැඩ කරනවා, අදායම මාසෙට කොල 8ට වඩා අඩුයි සහ එතනින් ටැක්ස් කපන්නේ නෑ කියල. හැබැයි එයාල අදායම report කරනවා. අන්න ඒ වගේ දෙයක් තමයි මේ උඩින් දාල තියන පින්තුරය දාපු කෙනාට වෙලා තියෙන්නේ. හැබැයි මේක NTA (National Tax Agency) එකට එහෙමත් නැත්නම් Tax office එකට ප්‍රශ්නයක් නෑ. මොකද ඕනෑම කෙනෙකුට part time jobs එකකට වඩා කරන්න අවසර තියනවා.
ඉතින් මේ විදියට අතට සල්ලි ගන්න job එකට අමතරව තවත් job එකක් හැමෝම වගේ කරනවා නේ. අන්න ඒකෙ අදායම කොල 8-9ට වැඩියි නම් tax එක අඩු කරලා තමයි ඔයාගේ අදායම report වෙන්නේ. එතකොට tax office එකේ ඔයාගේ වාර්ෂික අදායම් දෙකක් report වෙලා තියනවා, එකකින් tax withhold කරලා තියනවා අනිත් එකෙන් කරලා නෑ. Tax office එකෙන් කරන්නේ මේ දෙකේම අදායම එකතු කරලා ගෙවන්න තියන tax ප්‍රමාණය හදල, ගෙවපු ප්‍රමාණය අඩු කරලා ඉතුරු ටික ගෙවන්න කියල ඔයාට දැනුම් දෙන එක.
මම කලින් කිව්වනේ income tax ගෙවන්න කොල 103ට වැඩි වෙන්න ඕන කියල. Studentලට තවත් වාසියක් තියනවා, ඒක තමයි 勤労学生控除 එක, එහෙම නැත්නම් Student Deduction එක. මේක කොල 27ක්. ඉතින් මේකත් එකතු උනාම income tax threshold එක කොල 130ට වැඩි වෙනවා. ඒ කියන්නේ tax office එකට report වෙන අදායම කොල 130ට වඩා වැඩියි නම් සහ ඔයා student කෙනෙක් කියල records එයාල ළඟ තියනවා නම් tax එක හැදෙන්නේ කොල 130ට වැඩියි නම් විතරයි.
එතකොට දැන් ඔයාලට තේරෙනවා ඇති මොකද වෙන්නේ කියල. ගොඩක් වෙලාවට මේ deduction එක එකතු උනාම අර අතට ගත්ත job එකෙන් වැඩි වෙච්ච අදායමට ගෙවන්න ඕන tax එක cover වෙනවා. ඒක නිසා ගොඩක් අයට නැවත tax ගෙවන්න අවශ්‍ය වෙන්නේ නැහැ.
එතකොට ප්‍රශ්නයක් වෙන්නේ නැද්ද?
ඉස්සෙල්ලම බලමුකෝ අපි අතට සල්ලි ගන්නේ ඇයි කියල. මේකට ප්‍රධාන හේතුව තමයි MOJ (Ministry of Justice) එකෙන් Student Visa එකට දාල තියන පැය 28 නිතිය. ඒ කියන්නේ Student කෙනෙකුට නිත්‍යානුකුලව සතියකට වැඩ කරන්න පුළුවන් උපරිම පැය 28යි. ඉතින් මේ පැය 28ක් වැඩ කරලා උපයන මුදල මදි නිසා තමයි ගොඩක් අය මේ අතට සල්ලි දෙන job හොයන්නේ. මොකද බැංකු පොතට වැටෙන සල්ලි MOJ එකට Visa Renewal එකකදී cross check කරන්න පුළුවන් නිසා.
හැබැයි මෙතැනදී අදායමට කිසිම limit එකක් නෑ. ඒ කියන්නේ කෙනෙක් පැය 28ක් වැඩ කරලා අවුරුද්දට කොල 250ක් හොයල තිබුනත් ඒක නිත්‍යානුකුල දෙයක් නම් ප්‍රශ්නයක් වෙන්නේ නැහැ.
ඒ වගේම තමයි MyNumber එන්න කලින් MOJ එකටයි NTA එකටයි direct link එකක් තිබුනේ නැහැ. ඒ කියන්නේ අදායමට අනුව tax හරියට ගෙවල නම් Tax office එකට ඔයා වැඩ කරපු පැය ගණන අදාළ උනේ නැහැ. ඉතින් Visa renew කරද්දී immigration එක cross check කරන්න ඔයාගේ 課税証明書 (Kazei Shomeisho) එක හරි NTA එකෙන් documents ඉල්ලුවොත් තමයි ප්‍රශ්නයක් උනේ. හැබැයි දැන් Immigration එකට පුළුවන් reported income එක ලේසියෙන්ම NTA එකෙන් ගන්න, ඊට පස්සේ ඒ අනුව ඔයා වැඩ කරපු තැන් සහ වැඩ කරපු පැය ගණන් හොයාගන්න.
අපි උදාහරණයකට ගමුකො පොතට කොල 12ක් සහ අතට කියල කොල 8ක් ගන්න කෙනෙක්. මෙයා මාසෙකට කොල 20 ගානේ අවුරුද්දට කොල 240ක් හොයනවා. මේක සතියට පැය 28ට කඩලා බැලුවොත් පැයකට යෙන් 1785ක් වගේ තමයි වෙන්නේ. ඒ වගේම ඉතින් නිවාඩු කාලෙට වැඩියෙන් වැඩ කරන්නත් පුළුවන් නේ, එතකොට මේ වගේ කොල 250ක වගේ අදායම cross check එකක් කරන්න තරම් ලොකු නැහැ. හැබැයි මේක කොල 280-300 වගේ පැනල තිබුනොත් සැකයක් එන දේ සාදාරණයි නේ. අන්න එතකොට තමයි වැඩ කරපු පැය ගණන්, employers ලගේ විස්තර හොයන්නේ. ඒ ඇරෙන්න spot check එකක් කරද්දී අවාසනාව තිබිල අහු උනොත් තමයි.
දැන් අපි මොකද කරන්නේ?
ඉතින් ඔයත් අතට සල්ලි දෙන job එකක් හොයනවා නම්, tax යවන්නේ නැද්ද කියල විතරක් අහනවා වෙනුවට ඔයාගේ income එක සහ වැඩ කරන පැය ගණන report කරනවද කියල අනිවාර්යෙන්ම අහන්න. මොකද පඩිය ඔයාගේ අතට දුන්නට income එක report වෙනවා නම් ඔයා මුළු අවුරුද්දටම හොයන ගැන tax office එකේ record වෙනවා.
Part Time කරන අයට tax හැදෙන හැටි ගැන වෙනම වීඩියෝ එකක් තියනවා. වෙලාවක් තියනවා නම් එකත් බලන්න.
