මේ තියෙන්නේ ජපානේ MyNumber Card එක සම්බන්ධව මිනිස්සු අතර තියන වැරදි මත කිහිපයක්. බලන්න ඔයාලත් මේ විදියටද හිතාගෙන හිටියේ කියල.
-
MyNumber Card එකට apply කරලා ඒක ගත්තේ නැත්නම් මට MyNumber එකක් නෑ.
මේක වැරදියි. ජපානේ ඉන්න සෑම පුරවැසියෙකුටම MyNumber (個人番号, kojin bangō) එකක් assign කරලා තියනවා. ජපානෙට ජිවත් වෙන්න එන foreignersලට පවා Resident Card එක issue කරනකොටම MyNumber එකක් assign වෙනවා. MyNumber Card එක තියෙන්නේ මිනිස්සුන්ගේ ප්‍රයෝජනය සඳහා, එයාලට ඒක Identity Verification වලට වගේම විවිධ රාජ්‍ය ආයතන එක්ක ගනුදෙනු පහසු කරගන්න පාවිච්චි කරන්න පුළුවන්. MyNumber Card එක හදල නැතත් ඔයාට assign වෙලා තියන MyNumber එක residence certificate (住民票, jūminhyō) එකක් අරගෙන බලාගන්න පුළුවන්.
-
MyNumber Card එක හැදුවම Government එකට මගේ හැම දෙයක්ම track කරන්න පුළුවන්.
මේකත් වැරදි මතයක්. MyNumber එක හදල තියෙන්නේ taxes, social security, සහ රාජ්‍ය ආයතන වල administrative processes පහසු කරගන්න. ඒකෙන් ඔයාගේ එදිනෙදා ජිවිතයට අදාළ කිසිම දෙයක් track කරන්න බෑ.
-
MyNumber Card එක සෑමවිටම ළඟ තබාගන්න ඕන.
නැහැ, MyNumber Card එක සෑමවිටම ළඟ තබාගන්න අවශ්‍යතාවයක් නැහැ. හැබැයි MyNumber Card එක ඔයාට Identity Verification document එකක් විදියට ඕනෑම වෙලාවක පාවිච්චි කරන්න පුළුවන්.
-
මම වැඩ කරන company එකට මගේ MyNumber එක පාවිච්චි කරලා හොර වැඩ කරන්න පුළුවන්.

අපෝ නෑ, එහෙම කරන්න බෑ. Company එකට ඔයාගේ tax සහ social insurance report කරන්න MyNumber එක පාවිච්චි කරන්න පුළුවන්. ඒ ඇරෙන්න ඔයාගේ MyNumber එක පාවිච්චි කරලා කරන ඕනෑම වැඩකට නීතිමය පියවර ගන්න පුළුවන්.
-
MyNumber Card එක තියනවා නම් Resident Card එක අවශ්‍ය වෙන්නේ නැහැ. පොලිසියෙන් බැලුවොත් MyNumber Card එක පෙන්නන්න පුළුවන්.
මේක වැරදියි. MyNumber Card එක තිබුනා කියල ඒක immigration purposes වලට සහ visa verification වලට පාවිච්චි කරන්න බෑ. ජපානේ ඉන්න foreignersල අනිවාර්යෙන් එයාලගේ Resident Card එක හැමවෙලාවෙම ළඟ තියාගෙන ඉන්න ඕන.
ඔයාල දන්න MyNumber Card එක සම්බන්ධ තවත් වැරදි මත තියනවා නම් පහලින් කොමෙන්ට් එකක් ගෙන යන්න…
