ජපානයේ ජීවත් වන අපිට බැංකු ගිණුම් කීපයක් තියෙන එක සාමාන්‍ය දෙයක්. ඒ වගේම තමයි Suica, Credit Cards, PayPay සහ විවිධ Point Cards (Rakuten, d-Point) වගේ දේවල් අපි හැමෝම පාවිච්චි කරනවා. මේ හැම එකකම තියෙන සල්ලි කීයද, කොච්චර වියදම් වුණාද කියලා කියලා බලන්න App දහයකට විතර යන්න වුණාම ඒක ලොකු කරදරයක් නේද?
අන්න ඒ ප්‍රශ්නයට තියෙන හොඳම විසඳුම තමයි Money Management App එකක් පාවිච්චි කරන එක.
ඉතින් අද ලිපියෙන් මම ජපානේ අපිට පාවිච්චි කරන්න පුළුවන් Moneytree ඇප් එකේ තියෙන විශේෂාංග, ආරක්ෂාව සහ මේ වගේ App එකක් පාවිච්චි කරන්න ඕන ඇයි කියල පොඩි පැහැදිලි කිරීමක් කරන්නම්.
මොකක්ද මේ Moneytree කියන්නේ?
Moneytree කියන්නේ නිකම්ම ඇප් එකක් නෙවෙයි, එය ජපානයේ මූල්‍ය දත්ත සම්බන්ධ කරන ප්‍රධානම ප්ලැට්ෆෝම් එකක්. ඔවුන් සතුව:
- 60 ලක්ෂයකට වඩා පරිශීලකයින් ඉන්නවා.
- ජපානයේ මූල්‍ය ආයතන 2,500කට වඩා සම්බන්ධ කිරීමේ හැකියාව තියෙනවා.
- දැනට ගනුදෙනු බිලියන 6.5කට වඩා ආරක්ෂිතව ගබඩා කරලා තියෙනවා.
ඇයි අපි Moneytree පාවිච්චි කරන්න ඕනේ?
සාමාන්‍යයෙන් අපි වියදම් පොතක ලියනවා වගේ නෙවෙයි, මේ ඇප් එකෙන් අපේ බැංකු ගිණුම්, Point Card, Credit Card Statement වගේ වෙන වෙන apps වල track වෙන තොරතුරු ඔක්කොම එක තැනකට ගන්නවා. එතකොට:
- හැම app එකකටම වෙන වෙනම Log වෙන්න ඕනේ නැහැ.
- අපේ අතේ මේ වෙලාවේ මුළු මුදල කීයද කියලා එක තත්පරයෙන් දැනගන්න පුළුවන්.
- අනවශ්‍ය වියදම් කොහෙද වෙන්නේ කියලා ලේසියෙන්ම හොයාගන්න පුළුවන්.
- අපි දන්නෙම නැතුව අපේ සල්ලි කැපෙන subscriptions ඔක්කොම බලාගන්න පුලුවන්
- මාසෙට budget එකක් හදල අපේ වියදම් පාලනය කරගන්න පුළුවන්
- අපේ ගෑස්, ලයිට් බිල් රටේ අනිත් පාරිභෝගිකයන් එක්ක සැසඳුවම අඩුද වැඩිද බලාගන්න පුළුවන්
අනිත් ඇප්ස් වලට වඩා මේකේ තියෙන වාසි මොනවාද?
ජපානයේ Money Forward, Zaim වගේ තවත් Money Management Apps තිබුණත් Moneytree වලට වැඩියෙන් කැමති වෙන්න හේතු කීපයක් තියෙනවා:
- ඇඩ්ස් (Ads) නැහැ: හුඟක් ඇප්ස් වල කරදරකාරී ඇඩ්ස් වැටෙනවා, ඒත් Moneytree එකේ නොමිලේ පාවිච්චි කරන අයටත් කරදරයක් නැතුව වැඩ කරගන්න පුළුවන්.
- සීමාවක් නැහැ: අනිත් ඇප්ස් වල නිකන් දෙන version එකේ සම්බන්ධ කරන්න පුළුවන් ගිණුම් ගණන සීමිතයි. ඒත් Moneytree එකේ ඔයාට ඕන තරම් ගිණුම් සම්බන්ධ කරන්න පුළුවන්.
- ඉංග්‍රීසි භාෂාව: ජපන් භාෂාව ටිකක් අමාරු අයට මේකේ තියෙන English interface එක ලොකු උදව්වක්.
- පිරිසිදු පෙනුම: අනවශ්‍ය විස්තර ගොඩක් නැතුව හරිම සරලව තොරතුරු පෙන්වනවා.
- Moneytree ID: එක පාරක් Moneytree ID එකක් හැදුවාම, ඒ හරහා අනෙකුත් මූල්‍ය සේවාවන් (උදා: Yayoi, TKC වැනි Accounting Software) සමඟ ඔයාගේ දත්ත ලේසියෙන්ම Share කරගන්න පුළුවන්.
- Smart Notifications (ස්මාර්ට් දැනුම්දීම්):
ඔයාගේ ගිණුමකට ලොකු මුදලක් ආවොත් හෝ ගියොත් වහාම දැනුම් දෙනවා.
ගිණුමේ ශේෂය (Balance) ගොඩක් අඩු වුණොත් මතක් කරනවා.
ක්‍රෙඩිට් කාඩ් බිල් එක ගෙවන්න දවස ළඟයි නම් කලින්ම කියනවා.
වඩාත්ම වැදගත් දේ: ඔයාගේ Points කල් ඉකුත් වෙන්න කලින් (Point expiry) මේකෙන් මතක් කරනවා.
අපිට මේකෙන් මොනවාද බලාගන්න (Track) පුළුවන්?
Moneytree එකට ජපානයේ තියෙන ඕනෑම මූල්‍ය ආයතනයක් වගේ සම්බන්ධ කරන්න පුළුවන්:
- බැංකු ගිණුම්: Yucho (Japan Post Bank), MUFG, SMBC වගේ ඕනම බැංකුවක්.
- පොයින්ට්ස්: Rakuten Points, d-Point, T-Point වගේ දේවල් වල තියෙන පොයින්ට්ස් ගාණ සහ ඒවා කල් ඉකුත් වෙන දවස.
- ට්‍රැවල් කාඩ්: Mobile Suica හෝ Pasmo වල තියෙන Balance එක.
- ක්‍රෙඩිට් කාඩ්: ඔයා මාසෙට Card එකෙන් කරපු වියදම් සහ ගෙවන්න තියෙන මුදල.
- ආයෝජන: NISA ගිණුම් සහ කොටස් වෙළඳපොල තොරතුරු වලට සම්බන්ධ SBI Securities, Rakuten Securities වැනි Brokerage ගිණුම්.
ඒ වගේම තමයි, ඔයාගේ කොට්ටේ යට, අල්මාරිය අස්සේ, කැට වල දාල එකතු කරන සල්ලි, යාලුවොන්ට ණයට දීපු සල්ලි උනත් මේකේ අපිට Manual Entry එකක් විදියට track කරගන්න පුළුවන්.
ආරක්ෂාව ගැන බය වෙන්න ඕනේද?
ගොඩක් අයට තියෙන ප්‍රශ්නයක් තමයි බැංකු විස්තර ඇප් එකකට දෙන එක ආරක්ෂිතද කියන එක. ඒ ගැන බය වෙන්න එපා:
- මේ app එකට ඔයාගේ ගිණුම් විස්තර බලන්න විතරයි පුළුවන් (Read-Only): මේ app එකට ඔයාගේ සල්ලි එහා මෙහා කරන්න බැහැ.
- බැංකු මට්ටමේ ආරක්ෂාව: මෙයාලා පාවිච්චි කරන්නේ බැංකු වල තියෙන විදියේ ඉහළම ආරක්ෂිත ක්‍රමවේදයන්.
- ISO/IEC 27001 සහතිකය: තොරතුරු ආරක්ෂාව පිළිබඳ ජාත්‍යන්තර ප්‍රමිතියට අනුව ඔවුන් කටයුතු කරනවා.
- TRUSTe සහතිකය: පෞද්ගලික දත්ත ආරක්ෂා කිරීමේ ඉහළම සහතිකය මේ app එකට තියනවා.
- පෞද්ගලිකත්වය: ඔයාගේ දත්ත කාටවත් විකුණන්නේ නැහැ කියලා ඔවුන් සහතික වෙනවා.
පාවිච්චි කරන්නේ කොහොමද?
මේක හරිම ලේසියි:
- Play Store හෝ App Store එකෙන් ඇප් එක Download කරගන්න.
- ඔයාගේ Email එක දීලා Account එකක් හදන්න.
- “Add a Service” ගිහිල්ලා ඔයාගේ බැංකුව තෝරන්න.
- ඔයාගේ Online Banking විස්තර (ID/Password) දීලා සම්බන්ධ කරන්න.
- එච්චරයි! දැන් ඔයාගේ වියදම් ඔක්කොම ලස්සනට වර්ගීකරණය වෙලා පේන්න ගනීවි.
තියෙන ඔප්ෂන් මොනවාද?
- Moneytree (Free): සාමාන්‍ය අපිට මේක හොඳටම ඇති. සීමාවක් නැතුව ගිණුම් සම්බන්ධ කරන්න පුළුවන්.
- Moneytree Grow: ඔයාට වියදම් ගැන ටිකක් ලොකු විස්තරයක් ඕනේ නම් මේක ගන්න පුළුවන්.
- Moneytree Work: ඔයා Freelancer කෙනෙක් නම් හෝ තමන්ගේම ව්‍යාපාරයක් කරනවා නම්, වියදම් වාර්තා (Reports) හදාගන්න මේක පාවිච්චි කරන්න පුළුවන්.
අන්තිමට කියන්න තියෙන්නේ: ජපානයේ ජීවත් වෙනකොට සල්ලි ඉතුරු කරන්න නම් මුලින්ම සල්ලි වලට මොකද වෙන්නේ කියලා දැනගන්න ඕනේ. Moneytree කියන්නේ ඒකට ඔයාට ඉන්න හොඳම යාළුවෙක්. මම මේ app එක 2018-19 වගේ කාලේ ඉඳල පාවිච්චි කරනවා. මගේ වියදම් පාලනය කරගන්න සැහෙන ලොකු උදව්වක් මේ app එකෙන් ලැබුනා. ඉතින් ඔයාලත් try කරලා බලන්න. තව මොනවහරි දැනගන්න තියනවා නම් පහලින් කොමෙන්ට් එකක් දාගෙන යන්න.
Moneytree for IOS: Moneytree 家計簿より楽チンアプリ - App Store
Moneytree for Android: https://play.google.com/store/apps/details?id=jp.moneytree.moneytree&hl=en
Moneytree web app: Moneytree - My Account
