ජපානයේදී Apartment එකක් කුලියට ගන්න යනකොට දැනුවත් වෙන්න ඕන කරුණු කිහිපයක් ගැන මම කලින් ලිපියක සඳහන් කරා. ඒක බැලුවේ නැත්තම් මුලින්ම ඒ ලිපිය කියවල එන්න කියල ආරාධනා කරනවා.
ජපානයේදී Apartment එකක් කුලියට ගැනීමේදී සලකා බැලිය යුතු කරුණු කිහිපයක් - General - OhayoTalks
礼金 (Reikin)/仲介手数料 (Chukai Tesuryo)/保証会社 (Hoshogaisha) නැතුව සහ තව වෙනත් වට්ටම් සහිතව ගන්න පුළුවන් apartments ජපානේ තියනවා කියල මම කලින් ලිපියේ සඳහන් කරා. එහෙම තියන apartments ගන්න පුළුවන් ප්‍රධාන ක්‍රම දෙකක් ගැන තමයි අද කතා කරන්න යන්නේ. මීට අමතර තවත් ක්‍රම සහ ආයතනත් තියනවා.
- UR Apartments
UR (https://www.ur-net.go.jp/) කියන්නේ ටිකක් ප්‍රසිද්ධ, රජය මැදිහත් වෙලා කරගෙන යන ආයතනයක්. මෙයාලට ජපානේ පුරාම 710,000කට වඩා කුලියට දෙන apartments / නිවාස තියනවා. English support එකත් තියන නිසා ජපන් භාෂාව හැසිරවීම අඩු මට්ටමක තිබුනත් ඉතා පහසුවෙන් apartment එකක් හොයාගන්න පුළුවන්. සාමාන්‍යයෙන් මේ UR apartments ඉතා විශාල apartment සංකීර්ණ විදියට තමයි තියෙන්නේ. ඒ නිසා උද්‍යාන, ව්‍යායාම කිරීම සඳහා ස්ථාන වගේම බේකරි, බයිසිකල් අලුත්වැඩියා කරන තැන්, පෙරපාසල්, පොලිස් මුරකුටි වගේ දේවල් නිවාස සංකීර්ණය ඇතුලත හෝ ඒ අවටින් පහසුවෙන් හොයාගන්න තියනවා.
UR Apartment එකක් rent කරන්න ඔයාට 敷金 (ආරක්ශක තැන්පතුව) විදියට මාස දෙකක කුලිය මුලින්ම දෙන්න වෙනවා. මම කලින් ලිපියේ සඳහන් කරපු 礼金 (තෑගි මුදල), 仲介手数料 (තැරැව් ගාස්තුව) ගෙවන්න අවශ්‍ය වෙන්නේ නෑ සහ ඇපකරුවන් අවශ්‍ය වෙන්නෙත් නෑ. ඒ වගේම කුලී ගිවිසුම අලුත් කරද්දි ඒකට වෙනම මුදලක් අය කරන්නෙත් නෑ. මේ නිසා ඉතා විශාල මුදලක් ඔයාට ඉතුරු කරගන්න පුළුවන්.
UR apartments වල තියන තවත් වාසියක් තමයි එයාලගේ විවිධ වට්ටම් තියනවා. ඔයත් මේ වට්ටම් ගන්න සුදුසු කෙනෙක් නම් මාසික කුලිය සඳහා 5% ඉඳල 20% වගේ වෙනකම් වට්ටමක් අවුරුදු 3ත් 9ත් අතර කාලයක් සඳහා ගන්න පුළුවන්. ඒ වගේම සමහර කාල වලදී විවිධ campaigns තියනවා, මෙන්න මේ කාල වලදී ඔයා apartment එකක් rent කරොත් මාස 2ක හෝ 3ක කුලිය ඔයාගෙන් අය කරන්නේ නෑ.
පහලින් තියෙන්නේ UR apartments වලින් දෙන වට්ටම් කිහිපයක්.
-
වයස අවුරුදු 35ට අඩු අය සඳහා
-
අලුත බැඳපු හෝ ළමයින් සිටින පවුල් සඳහා
-
ළමයෙක් සමඟ තනියම ජිවත් වන මව්වරුන් සඳහා (single mom)
-
එකලඟ තිබෙන UR apartments දෙකක සිටින ඤාතීන් සඳහා
-
ජේෂ්ඨ පුරවැසියන් සඳහා
-
විශ්වවිද්‍යාල හෝ උසස් අධ්‍යාපනය ලබන සිසුන් සඳහා
-
අබාධිත අය සඳහා
මේ මම කිව්වේ වට්ටම් කිහිපයක් ගැන විතරයි, මීට අමතරව තව ගොඩක් campaigns විවිධ කාල වලදී හඳුන්වල දෙනවා. ඒ වගේම තමයි මේ හැම වට්ටම් හැම UR apartment එකකටම ලැබෙන්නේ නෑ (විශේෂයෙන් නවීන පන්නයට හදපු apartments වලට)
UR apartments වල තියන තවත් වාසි කිහිපයක් මම පහලින් සඳහන් කරන්නම්
සුරතල් සතුන් තියාගැනීමට හැකිවීම - සුරතල් සතුන් හදන අයට ජපානයේ apartments හොයනකොට තියන ලොකු ප්‍රශ්නයක් තමයි මේක. මොකද ගොඩක් apartments වල සුරතල් සතුන් ඇති කරන්න දෙන්නේ නෑ. හැබැයි UR apartments වලින් ඔයාට පහසුවෙන් මේ වගේ apartment එකක් හොයාගන්න පුළුවන්.
DIY අවසරය ඇති apartments - ඔයාල හැමෝම දන්නවා apartment එකක් ගත්තට පස්සේ අපිට එකේ අපිට කැමති වෙනස්කම් කරන්න අවසරයක් ලැබෙන්නේ නෑ. හැබැයි UR apartments වල මේ වගේ වෙනස්කම් කරන්න අවසර තියන apartments තියනවා. ඉතින් ඔයත් තමන් ඉන්න තැනට විවිධ වෙනස් කම් කරලා ලස්සනට තියාගන්න ආස කෙනෙක් නම් මේ වගේ apartment එකක් හොයාගන්න.
House Sharing - UR apartment එකක් කුලියට ගත්තම ඔයාට පුළුවන් එකේ තවත් පුද්ගලයෙක් නතර කරගන්න. තනියම ජිවත් වෙන කෙනෙක් නම් මාසික කුලිය තවත් අඩු කරගන්න පුළුවන් මේ වගේ දෙකින්.
අලුතෙන් කාමර එකතු කරන්න පුළුවන් apartments - මේක ටිකක් විශේෂයි, මොකද හැම තැනම මෙහෙම apartments හොයාගන්න ලැබෙන්නේ නෑ. මේකෙදි වෙන්නේ ඔයාගේ apartment එකටම අලුතෙන් කාමරයක් එකතු කරගන්න හැකියාව තියනවා. හිතන්න ඔයා අලුත බැඳලා apartment එක ගන්නවා කියල. එතකොට ඔයාට කාමර 2ක් ඇති. නමුත් පසු කාලීනව ඔයාට ළමයෙක් ලැබුනට පස්සේ තවත් කාමරයක් උවමනා උනොත්? ඔයත් මේ වගේ apartment එකක් අරන් තිබුනොත් එහෙම ඉතාමත් පහසුවෙන් කාමරයක් එකතු කරගන්න පුළුවන්.
මේ UR apartments අලුතෙන් රැකියාවකට යන වගේ කෙනෙකුට ඉතාමත් සුදුසුයි. මුලික වියදම අඩු නිසා අවම වියදමකින් apartment එකකට යන්න පුළුවන්.
UR apartment එකක් ගන්න මිනිස්සු පැකිලෙන කාරණා ටිකකුත් තියනවා, ඒ තමයි මේ apartment ගොඩනැගිලි සාමාන්‍යයෙන් ටිකක් පරණයි. 80, 90 දශක වල හදපු ගොඩනැගිලි තමයි ගොඩක් තියෙන්නේ. එකා නිසා Building Infrastructure එහෙම පරණ වෙන්න පුළුවන්. හැබැයි apartment එකක් හිස් උනාම එකේ අතුල හොඳට නවීකරණය කරලා අලුත් විදියට හදනවා. ඒ වගේම මේ apartment වල මිනිස්සු ගොඩක් කල් ජිවත් වෙනවා, ඉතින් සමහර වෙලාවට apartment එකක් ගත්තම අසල්වාසීන් වයසක අය වෙන්න පුළුවන්. සමහර අය කැමති නැහැනේ එහෙම වටපිටාවක ජිවත් වෙන්න. මෙහෙම කිව්වට හැම UR apartment වල හැම ගොඩනැගිල්ලක්ම පරණ ඒවා නෙවෙයි. අලුතෙන් හදපු නවීන පන්නයේ ඒවත් තියනවා, හැබැයි ඒවාට වටට්ම් ගන්න අපහසුයි වගේම ඒවා vacant වෙන්නේ ඉතාම කලාතුරකින්.
- Municipal Housing - නගර සභාව මැදිහත්ව පාලනය කරනු ලබන apartments (නාගරික නිවාස).
ජපානයේ බොහෝ ප්‍රදේශ වල මහා නගර සභා මගින් පාලනය කරගෙන යනු ලබන apartments තියනවා. මේවා ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට වෙන් කරන්න පුළුවන්.
-
රජයට (ප්‍රදේශයේ මහා නගර සභාවට අයිති නිවාස)
-
පුද්ගලික ආයතන වලට අයිති, නමුත් මහා නගර සභා සමඟ ඒකාබද්දව පවත්වාගෙන යන නිවාස.
මේ apartment වලට මුලික වියදමක් අවශ්‍ය වෙන්නෙම නැති තරම්. හැබැයි මේ apartments හැමෝටම ගන්න බෑ. නගර සභාව මගින් ප්‍රමුකත්වය දෙන්නේ අඩු ආදායම් ලාභී පවුල්, අබාධිත පුද්ගලයින් සහ ජේෂ්ඨ පුරවැසියන් වගේ අයට. එහෙමයි කියල අපිට apartment එකක් ගන්න බැරි කමක් නෑ (විශේෂයෙන් උඩින් කියල තියන දෙවෙනි කොටසට අයත් වෙන නිවාස).
මේ නිවාස වල මාසික කුලිය අඩුයි. මාසික කුලිය බොහෝ විට ගණනය කරන්නේ ඔයාගේ වාර්ෂික අදායම අනුව. ඒ කියන්නේ ඔයාගේ අදායම අඩුයි නම් මාසික කුලියත් අඩුයි. ඒ වගේම UR apartments වලට වගේ විවිධ වට්ටම් තියනවා. හැබැයි ඒවා ලබාගන්න විවිධ කොන්දේසි තියනවා.
මේ apartment තියන ගොඩනැගිලි බොහෝවිට පරණයි. අලුත් ඒවා නැතුවම නෙවෙයි, හැබැයි අලුත් ඒවගේ ඉක්මනට මිනිස්සු පදිංචි වෙනවා. ඒ වගේම මේවගේ ජිවත් වෙන අය අවුරුදු ගණන් ඒ ස්ථාන වල ජිවත් වෙනවා. ඒ නිසා vacant වෙන ප්‍රමාණය අඩුයි.
මේ නිවසක ජිවත් වෙන සෑම කෙනෙක්ගේම වාර්ෂික අදායම නගර සභාව විසින් බලනවා. වාර්ෂික අදායම Municipal Housing ලබාගන්න තියන සුදුසුකම් වලට පිටින් යනවා නම්, ඒ කියන්නේ අදායම වැඩියි නම් මාස 6ක් ඇතුලත නිවසෙන් ඉවත් වෙන්න කියල දැනුම් දෙනවා. මේකට හේතුව මම කලින් කිව්වා වගේ මේ apartments වලට ප්‍රමුකත්වය දෙන්නේ අඩු අදායම් ලාභී අයට. මෙහෙම අදායම වැඩි වෙලා නිවසෙන් අයින් වෙන්න වෙන අයට මම උඩින් කියල තියන දෙවෙනි කොටසට අයත් වෙන apartment එකකට අයදුම් කරන්න පුළුවන්. හැබැයි මාසික කුලිය ඒ ප්‍රදේශයේ අනෙකුත් apartments වලට අය කරන ප්‍රමාණයටම ගෙවන්න වෙනවා.
මේ Municipal Housing වල තියන තවත් වාසියක් තමයි, Detached Houses එහෙම නැත්තන් වෙන්වූ නිවාස (ලංකාවේ අපිට තියනවා වගේ වෙනම තනි තට්ටුවේ හෝ තට්ටු දෙක තුනේ නිවාස) ලබාගැනීමට හැකි වීම. මේ නිවාස ගන්නත් හැබැයි විවිධ කොන්දේසි තියනවා. මේ හැම දෙයක්ම ඔයා ජිවත් වෙන ප්‍රදේශයේ නගර සභාවට ගිහින් දැනගන්න පුළුවන්. ඔයාගේ අදායම, පවුලේ විස්තර, වගේ දේවල් එයාලට කිව්වම අදාල ප්‍රදේශයේ දැනට vacant වෙලා තියන apartment list එක, මාසික කුලිය සහ, වෙනත් විස්තර ඔක්කොම ලබාගන්න පුළුවන්. මේ හැම නිවාසයක්ම first come , first serve විදියට තමයි තියෙන්නේ. ඒක නිසා ප්‍රධාන නගරවල නම් waiting list පවා තියනවා.
ඉතින් අවසානෙට කියන්න තියෙන්නේ, ආදායම් අඩු, මාසික කුලියට වැඩි මුදලක් වියදම් කරන්න කැමති නැති, වෙනත් නිවසක් හොයාගන්නකම් අඩුවට ඉන්න තැනක් හොයන, අලුතෙන් රැකියාවකට එකතු වුන හෝ මුල්‍යමය අතින් ස්ථාවර වෙනකම් ඉන්න කෙනෙකුට මේ වගේ apartment එකකට යන්න පුළුවන්.