HPV එන්නත නොමිලයේ ලබාගැනීමේ අවසන් අවස්ථාව | මාර්තු 31 දක්වා පමණයි

ඔයත් ජපානයේ ජිවත් වෙන කාන්තාවක් නම් HPV එන්නත නොමිලේ ලබාගන්න මේ ලැබිල තියන අවස්ථාව මගහැරගන්න එපා.

ජපානේ ජීවත්වෙන කාන්තාවන්ට තමන්ගේ අතපසු වුනු HPV එන්නත නොමිලයේ ලබාගැනීමට තිබුන program එක 2025 මාර්තු මාසේ 31 වැනි දින ඉඳල නවත්තන්න ජපන් රජය තීරණය කරලා තියනවා. ඉතින් ඔයත් ජපානේ ජීවත්වෙන කාන්තාවක් නම් දැනටමත් HPV එන්නත් විදගෙන නැත්නම් මාර්තු මාසේ 31 වෙනිදට කලින් appointment එකක් දාල මේ අවස්ථාවෙන් ප්‍රයෝජනේ ගන්න.

HPV යනු කුමක්ද සහ ඔබ එන්නත ලබා ගත යුත්තේ ඇයි?

:small_blue_diamond:HPV (හියුමන් පැපිලොමා වෛරසය) යනු ගැබ්ගෙල පිළිකා, ලිංගික ඉන්නන් සහ වෙනත් පිළිකා ඇති කළ හැකි පොදු වෛරසයකි.

:small_blue_diamond:ජනගහනයෙන් 80% කට වඩා ඔවුන්ගේ ජීවිතයේ යම් අවස්ථාවක HPV ආසාදනය වේ.

:small_blue_diamond:HPV ආශ්‍රිත පිළිකා වලක්වා ගැනීමට මෙම එන්නත ඉතා ඵලදායී වන අතර ලොව පුරා නිර්දේශ කර ඇත.

HPV එන්නතේ සාමාන්‍ය ගාස්තුව කීයද?
සාමාන්‍යයෙන් මේ HPV එන්නත් මාලාවට ¥60,000–¥110,000 වගේ මුදලක් වැය වෙනවා.

නොමිලයේ එන්නත ලබාගන්න සුදුසුකම් ලබන්නේ කවුද?
:white_check_mark: 1997 අප්‍රේල් 2 සහ 2008 අප්‍රේල් 1 අතර උපන් කාන්තාවක් (වයස 17-27) වීම
:white_check_mark: එන්නත් මාත්‍රා තුනම සම්පූර්ණ කර නොමැති අය
:white_check_mark: ජපානයේ වලංගු වීසා සහිතව පදිංචිව සිටින කෙනෙක් වීම

:small_blue_diamond:ඔයා මීට කලින් එන්නත් මාත්‍රා එකක් හෝ දෙකක් අරගෙන තියනවා නම්, ඉතිරි මාත්‍රා නොමිලේ ලබාගන්න පුළුවන්.
:small_blue_diamond:අනිත් කාරණේ තමයි, ඔයා පලවෙනි මාත්‍රාව මාර්තු 31 වෙනිදට කලින් ගත්තොත් ඉතිරි මාත්‍රා දෙකත් ඊට පස්සේ නොමිලේම ලබාගන්න පුළුවන්.

එන්නත ලබා ගන්නේ කොහොමද?
:one: Clinic එකක් සොයා ගන්න – ඔයා අයිති වෙන city office එකට ගිහිල්ල හරි වෙබ් අඩවිය පරීක්ෂා කරලා හරි, එහෙම නැත්නම් සෞඛ්‍ය මධ්‍යස්ථානයට කතා කරලා ඔයා ඉන්න ප්‍රදේශයේ HPV එන්නත ලබා දෙන Clinic එකක් සොයා ගන්න පුළුවන්.

සමහර Clinic වලට කලින් appointment දාන්න ඕන, ඒක නිසා ඒ ගැන පොඩ්ඩක් සැලකිලිමත් වෙන්න.

:two: ඔයාගේ Resident Card එකයි Health Insurance Card එකයි අරගෙන Clinic එකට යන්න.

:three: එන්නත ලබා ගන්න!

  • HPV එන්නත මාත්‍රා තුනකින් සමන්විත වේ (2වෙනි එන්නත මාස 1-2 කට පසු සහ 3වෙනි එන්නත මාස 6කට පසු)

HPV ගැන වැඩිදුර විස්තර ඔයාලට internet එකේ හොයාගන්න පුළුවන්. එහෙනම් ඉතින් මේ අවස්ථාව මගහැරගන්න එපා.