ජපානේ කෙනෙක්ව රස්සාවෙන් අයින් කරන්න පුලුවන්ද? | Contract & Haken Employees

ජපානේ Permanent Employee (正社員) විදියට ඉන්න කෙනෙක්ව රැකියාවෙන් ඉවත් කිරීම හා සම්බන්ධ නීති ගැන සහ රැකියා සුරක්ෂිතභාවය ගැන මම කලින් Thread එකක පැහැදිලි කරා.

අද ලිපියෙන් කතා කරන්න යන්නේ Contracted Employees (契約社員) සහ Staffing Agencies (派遣会社) එහෙම නැත්නම් හකෙන් හරහා වැඩ කරන අයට මේ නීති අදාළ වෙන්නේ කොහොමද කියල.

Contract Employees (契約社員 / 有期雇用)

Fixed-term contract එකකට රැකියාවේ නිරත වෙන කෙනෙක්ගේ රැකියාව Permanent Employee (正社員) කෙනෙකුගේ තරම් සුරක්ෂිත නැති වුනත්, ඒ හා අදාලව නීති සැකසිලා තියනවා.

  1. ආයතනයකට Contract Employee කෙනෙක්ව අදාල Contract එක කල් පිරීමට පෙර ඉවත් කිරීමට අවශ්‍ය නම් ඒ සඳහා සාධාරණ හේතුවක් එහෙමත් නැත්නම් නොවැලක්විය හැකි (やむを得ない理由) ආකාරයේ හේතුවක් ඉදිරිපත් කරන්න අවශ්‍ය වෙනවා. ආයතනය වසා දැමීම, Bankrupt වීම, ස්වභාවික හානි නිසා ආයතනය පවත්වාගෙන යාමට අපහසු වීම වැනි හේතු උදාහරණ විදියට ගන්න පුළුවන්.

    මෙහෙම හේතුවක් ඉදිරිපත් කරන්න බැරි අවස්තාවක කෙනෙක්ව රැකියාවෙන් ඉවත් කරලා තියනවා නම් ඒක අවලංගු වෙනවා වගේම ආදාල සේවකයාට වන්දි ගෙවන්නත් සිදු වෙනවා.

  2. අබණ්ඩව රැකියාවේ නිරත වීම (Automatic Contract Renewal).
    කෙනෙක් දීර්ග කාලීනව ආයතනයක Contract Employee කෙනෙක් විදියට Contract එක අලුත් වෙමින් වැඩ කරලා තියනවා නම් (සාමාන්‍යයෙන් අවුරුදු 3-5), ඔහු හෝ ඇය දිගටම එම රැකියාවේ නිරත වීමේ අපේක්ෂාව (期待権の保護) කියන කාරණය යටතේ රැකියාව ආරක්‍ෂිත වෙනවා. ඒ කියන්නේ එහෙම දිගටම වැඩ කරලා තියන කෙනෙක්ව ලේසියෙන් අයින් කරන්න ආයතනයකට බැහැ. නඩු මගට ගියොත් සේවකයා Permanent Employee (正社員) කෙනෙක් විදියට සලකන්න උසාවියට බලතල තියනවා.

  3. අවුරුදු 5 නීතිය.
    යම් කෙනෙක් අවුරුදු 5ක් එක දිගට ආයතනයක contract එකක් මත වැඩ කරොත් එයාට පුළුවන් තමන්ව Permanent Contracted Employee කෙනෙක් කරන්න කියල සමාගමෙන් ඉල්ලීමක් කරන්න. මේකට Muki Tenkan Rule (無期転換ルール) කියල කියනවා. මෙහෙම Permanent Contracted Employee කෙනෙක් උනාම Contract එක Auto Renew වෙනවා සහ රැකියාවෙන් ඉවත් කිරීම ටිකක් අපහසු වෙනවා.

  4. Contract එක Renew කරන්නේ නැත්නම් ඒකට සාධාරණ හේතුවක් අවශ්‍යයි.
    යම් කෙනෙක් ආයතනක Contract Employee කෙනෙක් විදියට වැඩ කරනවා නම් සහ Contract එක කිහිප වතාවක් අලුත් වෙලා තියනවා නම්, නැවත ඒක අලුත් නොකරන්න ආයතනය තීරණය කලොත් සහ ආයතනයෙන් සාධාරණ හේතුවක් ඉදිරිපත් නොකළහොත්, එයාට පුළුවන් නීතියේ සහය පතන්න.

Dispatch Workers (派遣労働者) - Haken Rōdōsha

  1. සේවාදායක සමගම, ඒ කියන්නේ Dispatch Employee කෙනෙක් එයා වැඩ කරන්න යන ආයතනයේ රැකියාවෙන් ඉවත් කරන්න ඒ ආයතනයට බලතල නැහැ. ආයතනය විසින් අදාල Haken Kaisha එක දැනුවත් කරන්න ඕන. එතකොට ඒ Haken Kaisha එක තමයි තීරණය කරන්න ඕන මොකද්ද ඉදිරියට කරන්නේ කියල.

    හිතන්න ඔයා Haken Kaisha එකක් හරහා Restaurant එකක වැඩට යනවා කියල. Restaurant එකේ අයිතිකරුට ඔයාව ඒ රස්සාවෙන් ඉවත් කරන්න නීතියෙන් බලතල නැහැ.

  2. Haken Kaisha එක විසින් දවස් 30ක දැනුවත් කිරීමක් කල යුතුයි.
    මේ කියන්නේ Haken Kaisha එකට කෙනෙක්ව එයාලගේ Contract එක එකෙන් ඉවත් කරන්න අවශ්‍යයි නම් දවස් 30කට පෙර දැනුවත් කරන්න ඕන. එහෙම දැනුවත් කරන්න බැරි නම් දවස් 30ක පඩි ලබා දීමට නීතියෙන් බැඳිලා ඉන්නවා.

  3. Haken Kaisha එක සහ සේවාදායක සමාගම අතර contract එක නියමිත කාලයට පෙර ඉවර වෙනවා නම්, ඒ සමාගමේ වැඩ කරන්න යොදවපු සේවකයින්ව වෙනත් වැඩ සඳහා යොදවන්න Haken Kaisha එක උපරිම උත්සහය යොදවන්න අවශ්‍යයි.
    එහෙම වෙනත් වැඩක් සඳහා යොදවන්න බැරි නම් රැකියාවෙන් ඉවත් කරන්න පුළුවන් වුනත් ඒ සඳහා හේතුවක් ඉදිරිපත් කරන්න අවශ්‍යයි.

  4. අවුරුදු 3 නීතිය (派遣の3年ルール)
    Haken Kaisha එකක් හරහා වැඩ කරන කෙනෙක්ට අවුරුදු 3කට වඩා එකම ආයතනයේ එකම රැකියාව අවුරුදු 3කට වඩා කරන්න බැහැ. එහෙම කරන්න අවශ්‍යයි නම් ඒ සේවකයාව Contract Employee කෙනෙක් හෝ Permanent Employee කිරීමට අදාල ආයතනයට හෝ Haken Kaisha එකට සිදු වෙනවා. එසේ නොමැති නම් අවුරුදු 3 අවසාන වෙනකොට වෙනත් ආයතනයක රැකියාවට යොදවන්න Haken Kaisha එක බැඳිලා ඉන්නවා.

  5. Permanent Employee, Contract Employee කෙනෙකුට ලැබෙනවා වගේම Discrimination, ඒ කියන්නේ ස්ත්‍රී/පුරුෂ භාවය අනුව, ජාතිකත්වය අනුව, අබාධිත, ගැබිණි, එහෙම නැත්නම් ආයතනය හෝ ඉන් පිටත සමිති සමාගම් වල සාමාජිකත්වය දැරීම වගේ හේතු මත රැකියාවෙන් ඉවත් කරන්න බැහැ.
    මේ විදියේ හේතුවක් මත රැකියාවෙන් ඉවත් කරොත් Labor Bureau (労働局) එකට complain කරලා නීතියේ සහය පතන්න හැකියාව තියනවා.

ලංකාවේ ඉඳන් ජපානෙට ඇවිත් Haken Kaisha හරහා වගේම Contract මත එක එක තැන් වල වැඩ කරන සැහෙන්න පිරිසක් ඉන්නවා. ඉතින් ඔයත් ඒ වගේ කෙනෙක් නම් මේ තොරතුරු වැදගත් වෙන්න ඇති කියල හිතනවා. මේක වැදගත් වෙයි කියල හිතන කෙනෙකුට share කරන්න අමතක කරන්නත් එපා.

copyright

3 Likes