ජපානෙට එන අපි හැමෝගෙම ආසාවක් නේ වහනයක් අරන් පදින එක. ජපානේ කියන්නේ වාහන හදන රටක් නිසා පොඩි ගණන් වල ඉඳල කෝටි ගණන් වෙනකම් වාහන ගන්න තියනවා.
අද ලිපියෙන් කියන්න යන්නේ වහනයක් ගන්න Car Loan එකක් ගන්නේ කොහොමද සහ Loan වර්ග මොනවද තියෙන්නේ කියන එක ගැන.
සල්ලි තියන අයට නම් Brand New හෝ පාවිච්චි කරපු වහනයක් සල්ලි දීලම ගන්න පුළුවන් උනාට අතේ එච්චර ලොකු මුදලක් නැති අයට Car Loan එකක් දාන්න වෙනවනේ. ලංකාවේ Car Loan වලට interest එක 10% - 12% වගේ උනාට ජපානේ නම් 1% ඉඳන් 6% වගේ ඇතුලත loan එකක් ගන්න පුළුවන්.
ජපානේ Car Loan එකක් ගන්න ක්‍රම දෙක තුනක් තියනවා
-
ප්‍රධාන බැංකුවක් හරහා Car Loan එකක් ගැනීම. (උදා: MUFG, Mizuho, සහ SMBC වැනි බැංකු)
බැංකුවක් හරහා Car Loan එකක් ගන්න එකේ ප්‍රධාන වාසිය තමයි Dealership එකකින් දෙන financing එකකට වඩා interest rate එක අඩු වීම. සාමාන්‍යයෙන් බැංකුවක් හරහා ගන්න Car Loan එකක් 1%-4% වගේ rate එකකට ගන්න පුළුවන්.
හැබැයි බැංකුවක් හරහා Car Loan එකක් ගන්නකොට ඔයාගේ Credit History එක හොඳට තියෙන්න ඕන. සාමාන්‍යයෙන් Dealerships, Consumer Finance Services සහ වෙනත් Financing Companies වලින් බලනවට වඩා ටිකක් strict screening එකක් තමයි බැංකු වල තියෙන්නේ. ඒ වගේම තමයි ඔයාට හොඳ stable income එකක් තියෙන්න ඕන. සාමාන්‍යයෙන් වාර්ෂිකව ¥2,000,000–¥3,000,000 හෝ ඊට වැඩි අදායමක් අවශ්‍ය වෙනවා.
මීට අමතරව Loan එක ගන්නේ Foreigners කෙනෙක් නම් එයාගේ Visa කාලය, Visa Category එක වගේ දේවල් බලනවා. PR නැති කෙනෙක්ට නම් වෙනම Guarantor කෙනෙක් හෝ Guarantor company එකක් පාවිච්චි කරලා Loan Repayment එකට සහතිකයක් දෙන්න වෙන ඉඩකඩ වැඩියි.
සාමාන්‍යයෙන් වාර්ෂික අදායමෙන් 3 හෝ 4 ගුණයකට අසන්න මුදලක් Loan එක විදියට ගන්න පුළුවන්. මේක ඉතින් බැංකුවේ screening result එක අනුව තමයි decide වෙන්නේ. අනිත් කාරණේ තමයි Dealership සහ Consumer Finance Companies වලින් ගන්න පුළුවන් ප්‍රමාණයට වඩා වැඩි මුදල් ප්‍රමාණයක් බැංකුවෙන් Loan එක විදියට ගන්න පුළුවන්. -
Dealer Financing
Dealership එකක් හරහා වහනයක් ගන්නකොට එයාලගේ Auto Loan එකකට apply කරන්න පුළුවන්. ජපානේ හැම manufacturer company එකකටම එයාලගේ financial service එකක් තියනවා (උදා: Toyota Financial Services, Honda Finance). මීට අමතරව 3rd party dealerships වලිනුත් මේ වගේ financial services provide කරනවා (උදා: Gulliver, Big Motor)
Dealer Financing වල screening බැංකු වල තරම් strict නොවුනට, income එක, visa එක වගේ දේවල් බලල තමයි loan approve වෙන්නේ. සාමාන්‍යයෙන් බැංකුවකින් ලැබෙනවට වඩා ටිකක් වැඩි interest rate එකක් තමයි Dealership වලින් offer කරන්නේ (2% - 6% අතර අගයක්). ඒ වගේම තමයි අපිට down payment එකක් කරන්න පුළුවන් නම් සහ ඒ යොදවන මුදල අනුව interest rate එක වෙනස් කරගන්න හැකියාව තියනවා.
Dealership එකක් හරහා loan එකක් ගන්නකොට අපිට තියන වාසිය තමයි හැම දේම එකම තැනකින් කරගන්න පුළුවන් වීම. ඒ කියන්නේ අපිට අවශ්‍ය වාහනේ ගන්න තීරණය කරගත්තම, අපිට loan එකක් අවශ්‍යයි නම් ඒකට අදාළ documents වල ඉඳල හැම දේම එයාල හදනවා, අපිට මහන්සි වෙන්න දෙයක් නැහැ.
-
Consumer Finance Car Loans (JACCS, Orico, Acom, Aiful සහ Sompo වැනි ආයතන)
මේ වගේ Consumer Finance එකකින් loan එකක් ගන්න එක බැංකුවකින් හෝ dealership එකකින් loan එකක් approve කරගන්නවාට වඩා ලේසියි. ගොඩක් වෙලාවට හැම දේම online කරන්න තියන නිසා අපිට documents උස්සගෙන එහෙ මෙහෙ යන්න අවශ්‍ය නැහැ. ඒ වගේම තමයි screening කරන්න ගන්න කාලය හරිම අඩුයි, දවසක් හෝ දවස් දෙකක් ඇතුලත result එක දෙනවා.
Interest Rate එක අපේ application එකේ strength එක මත තමයි depend වෙන්නේ, ඒ කියන්නේ අපිට අවශ්‍ය වෙන මුදල, අපේ අදායම, credit history එක වගේ දේවල් බලල තමයි interest rate එක decide කරන්නේ. සාමාන්‍යයෙන් 1.5% වගේ ඉඳල 12% වගේ අගයක් වෙනකම් මේක වෙනස් වෙන්න පුළුවන්.
-
Lease System
මේක තමයි foreigner කෙනෙක්ට ජපානේ Auto Loan එකක් පාවිච්චි කරලා වහනයක් ගන්න පුළුවන් ලේසිම ක්‍රමය. Guarantor කෙනෙක් අවශ්‍ය වෙන්නේ නැහැ වගේම Credit History එක එච්චර ලොකුවට බලන්නෙත් නැහැ. හැබැයි මේකේ තියන විශේෂත්වය තමයි Financing කරන company එකෙන් වහනයට විශේෂ unit එකක් හයිකරනවා (TCU - Telematics unit). ඔයාගේ payments පරක්කු උනොත් Financing කරපු company එකට පුළුවන් ඔයාගේ වාහනේ disable කරන්න.
මේ loan වල interest rate එකත් අනිත් loan system වලට වඩා වැඩියි.
මේ අපි කතා කරේ වාහන loan ගන්න පුළුවන් ආයතන ගැන නේ. මේ වගේම තමයි Auto Loan වර්ග කිහිපයකුත් ජපානේ තියනවා, 残価 (Residual Value), 債権譲渡 (Debt Transfer), 残据 (Residual Principal), 均等 (Equal Payments) කියන්නේ ඒ වගේ කිහිපයක්. අපි තවත් ලිපියකින් මේ ගැන කතා කරමු.
අද ලිපියේ පැහැදිලි කරගන්න දෙයක් තියනවා නම් පහලින් කොමෙන්ට් එකක් දාගෙන යන්න.
Auto Loan ගන්න පුළුවන් ආයතන කිහිපයක් සහ online process එක ගැන අපි වෙනම ලිපියකින් කතා කරමු.
