ජපානේ ATM එකක් පාවිච්චි කරන්නේ කොහොමද?

ජපානේ විවිධාකාර ATM තියනවානේ, දැන් කොම්බිනි වල තියන ඒවා නම් අලුත්ම Tech එක්ක තියෙන්නේ, කිසිම අපහසුවක් නැතුව මුදල් ගනුදෙනු කරගන්න පුළුවන්. හැබැයි තවමත් බැංකු වල තියන ATM සහ දුර පැති වල තියන ATM update වෙලා නැහැ. ඉතින් සමහර ATM තියනවා English support එහෙමත් නැති ඒවා. ඔය ඕන ATM එකක් පාවිච්චි කරන හැටි තමයි අද කියන්න යන්නේ.

ATM එකකින් කරන්න පුළුවන් වැඩ කිහිපයක් තියනවා.

  • 引き出し (hikidashi) = මුදල් ආපසු ගැනීම
  • お預入れ (oazukeire) = මුදල් තැන්පත් කිරීම
  • 残高照会 (zandaka shoukai) = ගිණුමේ ශේෂය බලාගැනීම
  • 振込 / お振込 (furikomi) = බැංකු/ගිණුම් අතර මුදල් හුවමාරුව

සමහර ATM වල card එක ඇතුල් කරලා Start Button එක ඔබන්න ඕන, සමහර ඒවගේ card එක ඇතුල් කරන්න කලින් Start කරන්න ඕන.

ඊළඟට අපිට අවශ්‍ය කරන කාර්යය තෝරන්න ඕන

ඊළඟට අපිට පෙන්නනවා අදාල කාර්යයට අනුව අය කරන කොමිස් මුදල. මේක ඔයා පාවිච්චි කරන ATM එක අනුව සහ දවසේ වෙලාව අනුව වෙනස් වෙනවා

දැන් තියෙන්නේ අපේ pin එක ඇතුළු කරන්න

ඔයා කරන්නේ Deposit එකක් නම් මුදල් ටික ATM එකට ඇතුල් කරන්න කියල message එකක් පෙන්නයි. Withdrawal එකක් නම් අවශ්‍ය මුදල ඇතුල් කරන්න.

ඊළඟට ඔයාට receipt එකක් අවශ්‍යද නැද්ද කියල අහනවා. සමහර ATM වල නම් මේක අහන්නේ නෑ, අලුත් ඒවගේ නම් මේ option එක තියනවා.

දැන් අලුත් ATM වල නම් Cardless ATM function එක තියනවා. ඔයාගේ ගිණුම තියන බැංකුවවෙන් Cardless ATM function එක ලබාදෙනවා නම් ඔයාට පුළුවන් බැංකුවේ app එක phone එකට download කරලා ඒකෙ තියන Cardless ATM option එක select කරලා ATM එකත් එක්ක connect වෙලා ඔයාට අවශ්‍ය ගනුදෙනුව කරගන්න. මම දැනට දන්නා තරමට PayPay බැංකුවේ මේ පහසුකම තියනවා.

ඒ වගේම තමයි අපි පාවිච්චි කරන IC Card top up කරගැනීමේ පහසුවත් ATM වල තියනවා.

Image courtesy : Gaijinpot Blog