Tsumitate NISA එකෙන් අපි මොකක් හරි fund එකක invest කරනව නම් හැම මාසෙම එකම ගාන දාන්න ඕනෙද? මසෙන් මාසෙ වෙනස් ගනන් දාන්න පුලුවන්ද? සමහර මාස වල සල්ලි නොදා ඉන්න පුලුවම්ද??
Welcome to OayoTalks @thilinatta
Tsumitate එකේ වෙන්නේ මාසේ ගානේ අපි set කරන bank account එකකින් හරි credit card එකෙන් හරි සල්ලි අරගෙන අපි set කරලා තියන ratio එකට funds වල invest කරන එක නේ. මේ ratio එක හරි යොදවන මුදල හරි අපිට මාසේ ගානේ වෙනස් කරන්න පුළුවන්, හැබැයි ඒකට deadline එකක් තියනවා
උදාහරණයකට ගත්තොත් මේ මම set කරලා තියන එකක්. මට පුළුවන් මාර්තු 11ට කලින් මාර්තු මාසේ deposit වෙන මුදල වෙනස් කරන්න.
ඔයාට සල්ලි තියන වෙලාවට විතරක් Funds වල invest කරන්න ඕන නම් Tsumitate නැතුව Growth portion එකේ කරන්න.
හරි එතකොට මාසයක් ගානෙ ratio ekai මාසිකව යොදවන මුදලයි වෙනස් කරන්න පුලුවන් වගෙම සල්ලි නැති මාසෙකට යොදන මුදල 0 කරන්න්ත් පුලුවන්ද්? එතකොට ratio ekath 0 karanna ඔනෙද Tsumitate එකෙ?
Funds දෙකකට වඩා invest කරනවා නම් deadline එකට කලින් ratio එක වෙනස් කරන්න පුළුවන්. හැබැයි සල්ලි නැත්නම් යොදවන මුදල 0 කරන්න බෑ. Tsumitate විදියට invest කරන්න funds වලට අවම මුදලක් තියනවා. yen 100 වගේ තමයි ගොඩක් ඒවගේ අවම මුදල. අවම අගයට set කරන්න පුළුවන්
මේ තියෙන්නේ eMAXIS Slim 米国株式(S&P500) එකේ මට අවම අගය විදියට පෙන්නන ගාන, yen 1000ක්.
ඔයාට සල්ලි තියන වෙලාවට invest කරන්න ලේසිම ක්‍රමය තමයි Growth portion එකේ invest කරන එක. ඔයාට කැමති වෙලාවක, කැමති ගානක් funds වල invest කරන්න පුළුවන්.
Ok Thanks lot

