Nisa accounts හදාගත්ත අය Tsumitate කොටසින් ප්‍රයෝජනය ගන්න. මාසෙට තමන්ට පුළුවන් ප්‍රමාණයක් Invest කරන්න try එකක් දෙන්න. Auto Debit වෙන්න හැදුව නම් ආයේ ඒ ගැන හොයන්න කරන්න අවශ්‍ය වෙන්නේ නෑ. Tsumitate එකේ තියන එක වාසියක් තමයි ඒක. අනික තමයි ඔයාල Rakuten Securities නම් පාවිච්චි කරන්නේ සහ Rakuten Credit Card එකක් තියනවා නම් Card එකෙන් කැපෙන්න හදන්න පුළුවන්, ඒකටත් points ලැබෙනවා.
මේ තියෙන්නේ Mutual/Index Funds වලින් recommend කරන්න පුළුවන් කිහිපයක්
- eMAXIS Slim全世界株式(オール・カントリー)
- eMAXIS Slim米国株式(S&P500)
- eMAXIS Slim国内株式(TOPIX)
- eMAXIS Slim先進国株式インデックス
- iFreeNEXTFANG+インデックス
මීට අමතරව තව ගොඩක් තියනවා, eMAXIS Series එක recommend කරන්න පුළුවන්, management fee එහෙමත් අඩුයි. ඔයාල Nisa Account එක open කරලා තියන broker site එකේ sort කරලා මේ වගේ බලන්න පුළුවන්.
Management fee එක අඩු, ranking හොඳ funds කිහිපයක් තෝරාගෙන ඔයාට කැමති ratio එකකට invest කරන්න පුළුවන්.
මම මේ funds වලින් invest කරන්න තෝරගත්තේ මෙන්න මේ funds 4
- eMAXIS Slim全世界株式(オール・カントリー)
- eMAXIS Slim米国株式(S&P500)
- eMAXIS Slim先進国株式インデックス
- iFreeNEXTFANG+インデックス
ratio එක ගත්තොත් 30%, 30%, 20%, 20% විදියට තමයි දැනට හදල තියෙන්නේ.
ඔයාලත් හොඳට හොයල බලල, පහුගිය අවුරුදු වල chart එහෙම බලලා ඔයාලට හොඳයි හිතෙන funds දෙක තුනක දිගටම invest කරගෙන යන්න. ඉබේටම දන්නෙම නැතුව grow වෙලා තියෙයි.
මේ video එකේ මම funds දෙක තුනක simulation එකක් දාලා තියනවා, වෙලාවක් තිබුනොත් බලන්න.
