ගුටිබැට හුවමාරුවක් හෝ වෙනත් හානි කිරීමේ අරමුණින් ක්‍රිකට් පිති සුදානම් කරගෙන රැස්ව සිටි ශ්‍රී ලාංකිකයින් 5 දෙනෙකු සැකපිට අත්අඩංගුවට ගෙන ඇත.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ රණතුංග සඳරුවන් උදයංග ඇතුළු 5 දෙනෙකි. පසුගිය අප්‍රේල් 2 වැනිදා අලුයම ක්‍රීකට් පිති 6ක් සහ වෙනත් ආම්පන්න රැගෙන වෙනත් පාර්ශවයකට හානි කිරීමේ අරමුණින් ටෝකියෝ නගරයේ එදොගවා හි විදීයකට රැස්ව සිටියදී මෙලෙස මෙම පිරිස අත්අඩංගුවට ගෙන ඇත.
තවත් ශ්‍රී ලංකික පිරිසක් තම සහකාරියට නරක දේවල් පැවසු බවත්, එම නිසා ඔවුන්ට අභියෝග කර මෙසේ ගුටිබැට හුවමාරුවක් සඳහා එක්රැස් වූ බව මේ පිරිස පවසා ඇත. Tokyo Metropolitan පොලිසිය මේ පිලිබඳ වැඩිදුර පරීක්ෂණ පවත්වමින් සිටී.
පහලින් තියෙන්නේ NEWS එකට comment විදියට වැටුණු ජපන් ජාතිකයින්ගේ අදහස් කිහිපයක්.
