ඖෂධ භාවිතා කර ගැබිනි කලලයක් ගබ්සා කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ඉබරාකි ප්‍රාන්තයේ වෙසෙන ශ්‍රී ලාංකික පුරවැසියෙකු සහ කාන්තාවක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඉබරාකි ප්‍රාන්තයේ පදිංචි ශ්‍රී ලාංකිකයෙකු වන උදේශිකා (30) පසුගිය මස 29 වනදා සිය නිවසේ ඖෂධ භාවිත කිරීම මගින් ඇය දරා සිටි කලලයක් ගබ්සා කළ බවට සැකපිට මෙසේ අත්අඩංගුවට ගනු ලැබුවා.
මීට අමතරව, එම කාන්තාව සමඟ සබඳතාවක් පැවැත්වූ බවට සැලකෙන ශ්‍රී ලාංකිකයෙකු වන මුණසිංහ සුදේශ් (30) ද ඇයගේ ගබ්සාවට උපකාර කළ බවට සැකපිට අත්අඩංගුවට ගනු ලැබුවා.
මෙම කාන්තාව මාර්තු අග සිට ටොචිගි ප්‍රාන්තයේ ප්‍රසව හා නාරිවේද අංශයෙන් උපදෙස් ලබාගෙන ඇති අතර, ඇය ගැබ්ගෙන සති 23 ක් ගතවී ඇති බැවින්, නිත්‍යානුකුල ගබ්සාවක් කිරීමට නොහැකි වී ඇත.
ඔවුන් දෙදෙනා අත්අඩංගුවට ගැනීමෙන් පසු එම පුද්ගලයාගේ සාක්ෂිය මත පොලිසිය විමර්ශනයක් සිදු කළ අතර, පසුගිය 22 වැනිදා උට්සුනොමියා නගරයේ ගං ඉවුර ආසන්නයේ ප්ලාස්ටික් බෑගයක දමා තිබූ බිළිඳාගේ සිරුර සොයා ගැනීමට හැකි විය.
මෘත දේහය අතහැර දැමීමටද ඔවුන් දෙදෙනා සම්බන්ධ බවට පොලිසිය විශ්වාස කරන අතර ඒ පිළිබඳ වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
スリランカ人の男女を“堕胎罪”で逮捕 宇都宮市内の河川敷で胎児の遺体発見 | khb東日本放送 (khb-tv.co.jp)