නීතිවිරෝධී ලෙස ජපානයේ සිටින විදේශිකයන් ආපසු හරවා යැවීම සහ රඳවා තබා ගැනීම සඳහා වන නීති දැඩි ලෙස සංශෝධනය කරන සංශෝධිත සංක්‍රමණ පාලන සහ සරණාගත පනත ජූනි 10 සිට සම්පුර්ණයෙන්ම ක්‍රියාත්මක වේ.
මෙම නව පනත් සංශෝදනයේ ප්‍රධාන අරමුණ වන්නේ සරණාගත තත්වය අයදුම් කිරීමේ පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමයි. මෙතෙක් සරණාගත තත්වයට අයදුම් කළහොත් තම මව් රටට පිටුවහල් කිරීම, සරණාගත තත්වය ලැබෙන/නොලැබෙන අවස්ථාව තෙක් සිදු නොකළ අතර, මින් ඉදිරියට තුන් වතාවක් හෝ ඊට වැඩි වාර ගණනක් අයදුම් කළ අයදුම්කරුවන් පිටුවහල් කිරීමට හැකියාව ලැබේ. මෙසේ කිරීමට හේතුව වී ඇත්තේ සරණාගත තත්වය ඉල්ලුම් කර ජපානයේ රැඳී සිටින කාල සිමාව තුල එම තාවකාලික රැඳීසිටීමේ බලපත්‍රය අවභාවිත කිරීම සීග්‍රයෙන් ඉහල යමින් තිබීමයි.
සරණාගත සම්මුතියට අනුව සරණාගතයින් පීඩාවට ලක්වීමේ අවදානමක් ඇති රටවලට ආපසු නොයවන අතර සරණාගත තත්ත්වය සඳහා අයදුම් කර තිබෙන කාලය තුලදීද පිටුවහල් කිරීමක් සිදු කරන්නේ නැත.
කෙසේ වෙතත්, ජපානයේ සරණාගත තත්වය අයදුම් කිරීමෙන් පසු, රට තුල රැඳීමට ලැබෙන තාවකාලික කාලසීමාව වැරදි ලෙස භාවිතා කිරීමේ තියුණු වැඩිවීමක් දක්නට ලැබේ. විශේෂයෙන්ම, ජපාන ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂ පාලන සමයේදී සරණාගත වීසා අයදුම්කරුවන්ට අයදුම්පත්‍රයෙන් මාස හයකට පසුව වැඩ කිරීමට අවස්ථාව ලබාදුන් ක්‍රමය මඟින් අයදුම්කරුවන්ගේ සංඛ්‍යාව තියුනු ලෙස වැඩි විය.
ආගමන සේවා නියෝජිතායතනයට අනුව, සරණාගත තත්වය සඳහා අයදුම් කරන විදේශිකයන් කරන අපරාධ ප්‍රමාණයද ඉහල ගොස් ඇත.
පසුගිය ඔක්තෝබර් 25 වැනිදා සරණාගත තත්ත්වය සඳහා ඉල්ලුම් කර තිබු ශ්‍රී ලාංකිකයෙකු, 19 හැවිරිදි කාන්තාවකට පහර දී ඇත. මෙම පුද්ගලයා මීට පෙර වෙනත් ලිංගික අපරාධයකට සිරදඬුවම් විඳ ඇති අතර ඔහු නිදහස් වීමෙන් පසු ඔහුගේ මව් රටට පිටුවහල් කිරීමට නියමිතව තිබූ නමුත් ඔහු සරණාගත තත්ත්වය සඳහා ඉල්ලුම් කර ඇත. ඔහුගේ සෞඛ්‍ය තත්ත්වය නිසා කඳවුරෙන් “තාවකාලික නිදහස” මත ඔහු රට තුළ ජීවත් විය.
සරණාගත තත්ත්වය සඳහා අයදුම් කිරීමේදී අපරාධයකට සම්බන්ධ එකම විදේශිකයා ඔහු නොවේ. නීතිවිරෝධී ලෙස රැඳී සිටින සහ තම මව් රටවලට ආපසු යෑම ප්‍රතික්ෂේප කරන විදේශිකයන්ගෙන් 330 දෙනෙකුට 2022 වසර අවසන් වන විට වසර තුනක් හෝ ඊට වැඩි සිර දඬුවම් නියම කර ඇත. ඉන් 129ක් සරණාගත තත්ත්වය සඳහා අයදුම් කරමින් සිටි අතර තුර, මත්ද්‍රව්‍ය සම්බන්ධ අපරාධ, ලිංගික අපරාධ සහ තවත් තුවාල කිරීම් වැනි අපරාධ සිදුකොට ඇත.