යතුරුපැදි සොරකම් කිරීමේ චෝදනා යටතේ ශ්‍රී ලාංකිකයින් දෙදෙනෙකු අත්අඩංගුවට

2024 ජුනි මස 18 දින යෙන් ලක්ෂ 3ක් පමණ වටිනා HONDA PCX වර්ගයේ යතුරුපැදියක් කියෝතෝ ෆුශිමි ප්‍රදේශයේ නිවසකින් සොරකම් කිරීමට තැත් කිරීම යන චෝදනා මත ශ්‍රී ලංකික ජාතියකින් දෙදෙනෙකු කියෝතෝ පොලිසිය මගින් පසුගිය 7 වැනි දින අත්අඩංගුවට ගෙන ඇති අතර එම චෝදනා ඔවුන් විසින් පිළිගෙන ඇත .

මොවුන් දෙදෙනා විසින් මෙතෙක් කියෝතෝ සහ නරා යන ප්‍රදේශ වල PCX වර්ගයේ යතුරුපැදි 100කට වඩා වැඩි ප්‍රමාණයක් සොරකම් කර ඇති අතර එම යතුරුපැදි සියල්ලෙහි කෑලි ගලවා ශ්‍රී ලංකාවට යවා ඇත .