Petrol/Diesel මිල නැවතත් ඉහලට

ජපානයේ Petrol සහ Diesel මිල ලබන මස මුල සිට යෙන් 10කින් පමණ ඉහල යනු ඇත.
මෙයට හේතුව වී ඇත්තේ දැනට ජපන් රජය මගින් Petrol සහ Diesel මිල පාලනය කිරීම සඳහා ලබාදෙන සහනාධාරය ඉවත් කිරීමයි.

රජය මගින් ලබාදුන් මෙම සහනාධාරය ක්‍රමක්‍රමයෙන් ඉවත් කිරීමට මෙම වසර මුලදී පියවර ගත් අතර නොවැම්බර් මස 22වැනි දිනට පෙර, ලීටරයකට යෙන් 175ක සාමාන්‍යක් පවත්වා ගැනීම සඳහා රජය විසින් යෙන් 10ක සහනාධාරයක් ලබාදී තිබුණි. නොවැම්බර් 22 දින මෙම සහනාධාර මුදල යෙන් 5කින් කප්පාදු කෙරුණු අතර දෙසැම්බර් 19 වනවිට ඉතුරු යෙන් 5ක සහනාධාරයත් කපා දමනු ඇත.

ඒ අනුව ලබන ජනවාරි මස මුල සිට සාමාන්‍ය Petrol ලීටරයක මිල අවමය යෙන් 180ක් පමණ වනු ඇත.