MyNumber ID එක Apple Wallet එකට එයි

ජපානයේ MyNumber ID එක Apple Wallet යෙදුමට එකතු කිරීමේ සහය ලබන වසරේ වසන්ත කාලය වන විට ලබාදෙන බව Apple ආයතනය විසින් නිවේදනය කළා. මෙය එක්සත් ජනපදයෙන් ඔබ්බට Apple Wallet සඳහා ජාතික හැඳුනුම්පතක් එකතු කිරීමේ පළමු ව්‍යාපෘතිය වේ.

ජපානයේ මිලියන 100 කට අධික පදිංචිකරුවන්ට දැනට MyNumber හැඳුනුම්පත් ඇති අතර, එමඟින් ඔවුන්ට රට පුරා ඇති 60,000 කට අධික වෙළඳසැල් Convenience store (コンビニ) හරහා සහ රෝහල් සහ රජයේ ආයතන වල සේවා මාර්ගගත ක්‍රමය ඔස්සේ ලබා ගැනීමට හැකියාව ලැබේ.

Apple Wallet වෙත MyNumber ID එක එකතු කළ පසු, පරිශීලකයෙකුගේ My Number කාඩ්පත Face ID හෝ Touch ID සමඟ සත්‍යාපනය කිරීමෙන් යෙදුම තුළට ප්‍රවේශ විය හැකි අතර, පසුව එම ID එක රෝහල්, රජයේ ආයතන වල ඇති කාඩ්පත් කියවනයකට ඉදිරිපත් කළ හැකි අතර, එමඟින් එම ආයතන මගින් ලබාදෙන සේවා වෙත ප්‍රවේශය ලබා ගත හැක.

image

1 Like